ව්‍යාපාර කළමනාකරණ දැනුම සරලව

ව්යාපාර කළමනාකරණ දැනුම සරලව

ව්‍යාපාර කළමනාකරණ විද්‍යාවේ භාවිතා කරන මෙවලමක් තිබෙනවා SWOT විශ්ලේෂණය කියා. කොරෝනා වසංගතය, එයින් වෙළඳපොළට සිදුව ඇති බලපෑම සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැනි වෙනත් කාරණා නිසා වර්තමානයේ ව්‍යවසායක ඔබ මුහුණ දී සිටින ගැටළු සඳහා විසඳුම් සොයන්න පටන් ගන්න මේ SWOT එකෙන් පුළුවන්. මේක තමයි ඕනෑම මහා පරිමාණ ව්‍යාපාරයක් වුනත් අර්බුද අවස්ථාවක මුලින්ම කරන විශ්ලේෂණය. බැලූ බැල්මoට සරල දෙයක් වගේ පෙනුනට මේක ඉතාම ප්‍රයෝජනවත් සහ බලගතු දෙයක්. SWOT කියන්නේ Strengths (බල), Weaknesses (දුබලතා), Opportunities (ප්‍රයෝජන), Threats (තර්ජන). “බල-දුබලතා-ප්‍රයෝජන-තර්ජන විශ්ලේෂණය” කියා මතක තබා ගන්න. මෙතන බල සහ දුබලතා කියන්නේ ඔබේ ව්‍යාපාරයේ අභ්‍යන්තර කාරණා. ප්‍රයෝජන සහ තර්ජන කියන්නේ ඔබේ ව්‍යාපාරයට බාහිරයෙන් බලපාන කාරණා. “බල” කියන්නේ ඔබේ ව්‍යාපාරය ඇතුළේ තිබෙන භෞතික සම්පත් සහ හැකියාවන්. ඔබට සෙනග යනෙන පාරක් අයිනේ කඩයක් අයිති නම් ඒක ඔබේ බලයක්. ඔබට සරු වගා බිමක් අයිති නම් ඒක ඔබේ බලයක්. වෙළඳපොළේ හොඳින් විකිණෙන භාණ්ඩයක් විකිණීමට අවසරය ඔබ සතු නම් ඒක ඔබේ බලයක්. ඉතා දක්ෂ සේවකයන් ඔබට සිටිනවා නම්, බැංකුවේ විශාල මුදල් තැන්පතු තිබෙනවා නම්, ජනප්‍රිය සන්නාමයක් (Brand) හිමි නම් ඒවා ඔබේ බල. බලයක් වුනාම ඒක ඔබටම විශේෂ වෙන තරමට එහි බලය වැඩියි. හැමෝටම තියෙනවා නම් ඒකේ ලොකු බලයක් නැහැ. “දුබලතා” කියන්නේ තමන්ගේ ව්‍යාපාරයට වැදගත් වුනත් ඔබට දැනට අහිමි සම්පත් සහ නොහැකියාවන්. ඔබ වෙළඳාම් කරන්නේ කොයි වෙලාවේ හරි එළියට දාන්න පුළුවන් කුලී ගොඩනැගිල්ලක නම් එය ඔබේ දුබලතාවයක්. ඔබේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ මුදල් නැත්නම් එය ඔබේ දුබලතාවයක්. ඔබේ සේවකයන් අලස සහ වංචාසහගත අය නම් එය ඔබේ දුබලතාවයක්. ඔබේ භාණ්ඩයේ ගුණාත්මකභාවය අඩු නම් එය ඔබේ දුබලතාවයක්. ව්‍යාපාර කරන හැටි ගැන දැනුම ඔබට නැත්නම් එය ඔබේ දුබලතාවයක්. මේවා උදාහරණ පමණයි. ඔබේ ව්‍යාපාරයේ බල සහ දුබලතා ගැන හරියටම දන්නේ ඔබයි. ඉතින් ඔබ කඩදාසියක් අරගෙන දෙකට බෙදලා එක පැත්තක ඔබේ බල ටික ලියන්න. අනෙක් පැත්තේ දුබලතා ටික ලියන්න. හැබැයි ඔබ මේ වැඩේ අවංකව කළ යුතුයි. මේක කරන්නේ අනුන්ට පම්පෝරි ගහන්න නොවෙයි. කිසිවක් හංගන්න එපා. තමන්ගේ ව්‍යාපාරයේ දැනට තිබෙන සත්‍යය තත්ත්වය හරියටම අවබෝධ කර ගැනීම තමයි මෙහි අරමුණ. මොකද එහෙම අවංකව තමන්ගේ බලය අවබෝධ කරගත්තම ඔබට පුළුවන් ඒ බල තවත් බලසම්පන්න කරන උපාය මාර්ග ගැන හිතන්න. ඔබේ දුබලතා හරියට අවබෝධ කරගත්තම ඔබට පුළුවන් ඒ දුබලතා නැති කරන උපාය මාර්ග හිතන්න. Strategic Planning හෙවත් උපායමාර්ග සැලසුම් හදන්න පටන්ගන්නේ එහෙමයි. ඊළඟට තිබෙන්නේ බාහිර “ප්‍රයෝජන” සහ “තර්ජන” හඳුනාගන්න වැඩේ. ඒ ගැන දැනගන්න කැමති අය කරුණාකර පහත link එකෙන් මගේ Telegram කණ්ඩායමට එකතු වෙන්න. ඒ කණ්ඩායම හරහා මා දිගටම ලෝකයේ නූතන ව්‍යාපාර දැනුම සරලව ඔබට දෙන්න උත්සාහ කරන්නම්. තවත් අයට ප්‍රයෝජනයක් වෙන්න මේක Share කරන්න.

මේවා ගැන ප්‍රශ්න අහලා ඉගෙනගන්න මගේ Telegram කණ්ඩායමට එකතු වෙන්න: https://t.me/joinchat/VhF_SRg9fyA--VK8hGHVhw

මම, එරන්ද ගිනිගේ - ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා

Janith K Chathuranga

People & Organization Development Specialist | LMS Expert | HR Consultant | Headhunter |Coaching Enthusiast | Career Guidance Facilitator | Advocate for SDGs

3y

Great work sir👍

Like
Reply

To view or add a comment, sign in

Explore topics